About usOur TeamGalleryWhy SLPEF?Membership
Job BankNewsContact us

ඇතුගල්පුර දියුණුවට - ඉංජිනේරුවන් පෙරමුණට


‍
වයඹ පළාතේ අගනගරය ලෙස කුරුණෑගල නගරය තුල සිදු කල යුතු සංවර්ධන වැඩසටහන් පිලිබඳ කතිකාවක් පසුගිය පෙබරවාරි මස 16 වන දින කුරුනෑගල නගර සභා කමිටු රැස්වීම් ශාලාවේදී නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතාගේ ප්රධානත්වයෙන් සංවිධානය කර තිබුනි. මේ සඳහා නාගරික සංවර්ධන රාජ්ය අමාත්යාංශයේ ලේකම් මහාචාර්ය රංජිත් දිසානායක මහතා, නාගරික සංවර්ධන අධිකාරියේ කුරුණෑගල දිස්ත්රික් අධ්යක්ෂවරයා, "හරිත පුරවර" ව්යපෘතියේ කුරුණෑගල නගරය භාර නිලධාරීන්, වයඹ පළාත් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, මාර්ග සංවර්ධන අධිකාරියේ විධායක ඉංජිනේරුවරුන් ආදී පොදු පහසුකම් සපයන රාජ්ය හා අර්ධ රාජ්ය ආයතන වල ඉංජිනේරු නිලධාරීන්, නාගරික කොමසාරිස්, නාගරික ඉංජිනේරු සමඟ ශ්රී ලංකා පොදු ජන ඉංජිනේරු පෙරමුණේ කුරුණෑගල දිස්ත්රික් සාමාජිකත්වය ඇතුලු 50 කට අධික පිරිසක් එක් විය.

නගර සභා බල ප්රදේශයේ පදිංචිකරුවන්, රැකියාව සඳහා නගරයට පැමිණෙන අය, වෙනත් සේවා අවශ්යතා සඳහා පැමිණෙන්නන්, නාගරික සංවර්ධනය පිලිබඳ දෙස් විදෙස් අත්දැකීම් ඇති අය වැනි පුළුල් පරාසයක අදහස් දැක්විය හැකි සාමාජිකයින් පිරිසක් මේ සඳහා එක කරගැනීමට පොදු ජන ඉංජිනේරු පෙරමුණේ දිස්ත්රික් කමිටුව කටයුතු කර තිබුණි.

වැඩසටහන ආරම්භ කරමින් දැනට සිදුකරන සංවර්ධන කටයුතු, නගරයේ අවශ්යතා හා මතුව තිබෙන දුෂ්කරතා පිලිබඳ නාගරික කොමසාරිස් විසින් සභාව දැනුවත් කිරීමෙන් පසු පුරපති තුෂාර සංජීව විතාරණ මහතා විසින් ඉදිරියේදී සිදු කිරීමට යෝජිත සංවර්ධන කටයුතු පිලිබඳ විස්තර ඉදිරිපත් කරන ලදී. මීට අමතරව නාගරික සංවර්ධන අධිකාරිය මඟින් කුරුණෑගල නගරය ඉලක්ක කර සකස් කර තිබෙන 2020-2030 සංවර්ධන සැලැස්ම පිලිබඳ විස්තරාත්මක ඉදිරිපත්කිරීමක් එහි දිස්ත්රික් අධ්යක්ෂ විසින් ඉදිරිපත් කරන ලදී. නාගරික සංවර්ධනයේ නව ප්රවනතා, අඩු ප්රාග්ධන යෙදවුම් තුලින් කල හැකි ව්යාපෘතීන්, හරිත සංවර්ධනය ආදි ලෝක ප්රවනතා පිලිබඳව මහාචාර්ය රංජිත් දිසානායක මහතා විසින් කල පුළුල් විග්රහයෙන් පසු සාකච්ඡාව සඳහා අවස්ථාව සැලසිනි.

කටුනායක ගුවන් තොටුපලින් ලංකාවට පැමිණෙන සංචාරකයින් අනුරාධපුර, පොලොන්නරුව, තිකුණාමලය, දඹුල්ල ආදී සංචාරක පුරවර වෙත යාමේදී හා නැවත ඒමෙදී නිරන්තරයෙන් පසුකර යන නගරයක් වුවද කුරුණෑගල වෙත ඔවුන් ආකර්ශනය කර ගැනීමට හා සේවා සැපයීමට මෙතෙක් අවම අවධානයක් යොමු කිරීම පිලිබඳ පුළුල් ලෙස සකච්ඡා විය. එමෙන්ම දිනකට ලක්ෂ 3 කට ආසන්න ජනතාවක් නගරය කරා පැමිණියද ඉන් ඉතා සුළු පිරිසක් පමණක් දුම්රිය සේවය භාවිතා කිරීම හා එහි අතුරු ප්රතිඵලයක් ලෙස අධික රථවාහන තදබදයක් ඇතිව තිබීම, ඒ සඳහා ගත හැකි කෙටි කාලීන, දිගු කාලීන විසදුම් සඳහාද අවධානය යොමු විය.

නගරසභාව සතු ඌන උපයෝජිත ඉඩම් හා ඉදිරියේදී ඒ සඳහා යෝජිත ව්යාපෘතීන් පිලිබඳ විස්තරයක් සභාවට ඉදිරිපත් කල නගරාධිපතිවරයා ඒ පිලිබඳ සභාවේ අදහස් විමසන ලදී. එමෙන්ම මෙවැනි සංවර්ධන ව්යාපෘතීන් සිදුකිරීමේදී නගරසභාවේ නිලධාරී යාන්ත්රණය ප්රමාණාත්මකව වැඩිවියයුතු ආකාරය ගැන පළාත් ඉංජිනේරු දෙපාර්තමේන්තුව නියෝජනය කල නිලධාරීන් අදහස් ඉදිරිපත් කල අතර නිලධාරී හිඟය නිසා ඇතිව තිබෙන ගැටළු නගරාධිපතිවරයා ද ඉදිරිපත් කරන ලදි.

2030 වර්ෂයේදී මිලියන 3 ක නාගරික වැසියන් ප්රමාණයක් බලාපොරොත්තු වන නගරයක් ලෙස කුරුණෑගලට ස්ථිර සංවර්ධන සැලැස්මක් සකස් කිරීමට කිරීමට අදාල සියළුම විෂය ක්ෂේත්ර නියෝජනය වන නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් එක් දින වැඩමුළුවක් කඩිනමින් පැවැත්වීමටත් එකඟතා ඇති විය. එමෙන්ම එම වැඩමුළුවේදී සාකච්ඡාවට බඳුන් කිරීමට ඒ ඒ විෂය ක්ෂේත්රයෙන් වල යෝජනා සකස් කිරීමට අනු කමිටු සැකසීමටත් ඒ සඳහා මෙම අවස්ථාවට සහභාගී වූ සියළුම දෙනාගේම දායකත්වය ස්වේච්ඡාවෙන් ලබාදීමටත් එකඟවීමෙන් සාකච්චාව නිමා කරන ලදී.

ශ්රී ලංකා පොදුජන ඉංජිනේරු පෙරමුණු මාධ්ය කමිටුව

Organization
About UsOur TeamContact Us
Members
Why SLPEF?MembershipJob Bank
Social
FacebookYoutube
The Sri Lanka's most powerful engineers organization for professional engineers.
© All rights reserved. 2020 SLPEF