About usOur TeamGalleryWhy SLPEF?Membership
Job BankNewsContact us

ඉංජිනේරු පෙරමුණ කොරෝනා මර්ධනයට

චීනයෙන් ආරම්භ වී මේ වන විට යුරෝපා රටවල් ප්රමුඛ කොටගෙන ලෝකය පුරා පැතිර යන කොරෝනා වසංගතය හෙවත් "Covid-19" ශ්රි ලංකාවේ ද පැතිර යාම ආරම්භ වී ඇත. රජය විසින් එය වැලැක්වීම සඳහා සෞඛ්ය අමාත්යාංශය, ත්රිවිධ හමුදාව, පොලිසිය හා අනෙකුත් අත්යාවශ්ය රාජකාරි ඉටු කරන රාජ්ය ආයතන සම්බන්ධ කරගෙන විධිමත් කියාමාර්ග ගනිමින් සිටී. ඒ අතරතුර සාමාන්ය ජන ජීවිතය අඩාල නොවන පරිදි ගෙනයාමට අවශ්ය පහසුකම් ද සපයමින් සිටී. මේ අවස්ථාවේදී එම ක්රියාමාර්ගයන්ට සහය ලබා දෙමින් සෞඛ්ය අංශ ලබා දෙන උපදෙස් පරිදි ක්රියාකිරීම සාමාන්ය මහජනතාවට කල හැකි ඉහළම දායකත්වය වේ

නමුත් වෘත්තීය සංවිධානයක් ලෙස එලෙස රජයේ ක්රියාමාර්ග වලට සහයෝගය ලබා දෙන අතරම තම වෘත්තීය දැනුම මඟින් ඊට ඉහළ දායකත්වයක් ලබා දිය හැකි අවස්ථා සොයා බැලීමට ශ්රී ලංකා පොදුජන ඉංජිනේරු පෙරමුණ කටයුතු යොදා ඇත. ඒ අනුව එහි එක් පියවරක් ලෙස එදිනෙදා අත්යාවශ්ය රාජකාරි සඳහා පැමිණෙන මහජනතාවගේ ශරීරයේ තැන්පත් වන විෂබීජ විනාශකිරීමට සුදුසු යන්ත්රයක් (Sterilization Chamber) නිර්මාණය කිරීමට ඉංජිනේරු පෙරමුණ කටයුතු කලේය. ශ්රී ජයවර්ධනපුර කෝට්ටේ නගර සභාවේ ගරු නගරාධිපති මධුර විතානගේ මහතාගේ සහ එහි සේවක මණ්ඩලයේ දායකත්වය සහිතව ප්රථම යන්ත්රය කෝට්ටේ නගර සභාව ඉදිරිපිට ස්ථාපිත කිරීමට පොදුජන ඉංජිනේරු පෙරමුණේ කොළඹ දිස්ත්රික් උතුර ශාඛා සංවිධානය ඊයේ දින (2020.03.20) කටයුතු කලේය. ISOPROPHYL ALCOHOL කුඩා බිඳිති ආකාරයට සම්පූර්ණ ශරීරයටම ඉසීම තුළින් විෂබීජ හරණය මෙම විෂබීජනුහරණ කුටීරයේදී සිදුවන අතර ඉදිරියේදී අවශ්යතාවයන් අනුව මහජනතාව බහුලව ගැවසෙන ස්ථානයන්හි මෙවැනි කුටීර ස්ථාපිත කිරීමට කටයුතු යොදන බවද පොදුජන ඉංජිනේරු පෙරමුණේ ප්රධාන ලේකම් ඉංජි. (මේජර්) සමන්ත ඉන්දික මහතා අප සමඟ පැවසීය.

මෙම නිර්මාණය තම සාමාජිකත්වය තුළින් මතුවූ අදහසක් බවත් අවශ්ය තාක්ෂනය හා උපදේශන සේවාව ලබාගැනීම, උපාංග සපයා ගැනීම, එකලස් කිරීම ආදී සියලු කරුණු දින 7ක් වැනි ඉතා කෙටි කාලයක් තුලදී සම්පුර්ණ කිරීමට හැකිවූ බවත් ඉදිරියටත් මෙවැනි නව අදහස් තුළින් ජනිත වන නිර්මාණ හා තාක්ෂණයන් කොරෝනා රෝගයට එරෙහි සටනට යොදා ගැනීමට අදාල අංශ වෙත ලබාදෙන බවත් මෙහි නිර්මණ කටයුතු සඳහා එක් වූ ඉංජිනේරු පෙරමුණේ කොළඹ දිස්ත්රික් උතුර සංවිධානයේ සභාපති ඉංජි. ජගත් පරාක්රම මහතා අප හා පවසන ලදී. නිර්මාණ කාර්යය සඳහා වෙහෙස වූ ඉංජි.කෞෂාල්, ඉංජි. අරවින්ද, ඉංජි. ශාන්ත දික්වැල්ල, ඉංජි අමාලී චන්ද්රරත්න ඇතුළු පොදුජන ඉංජිනේරු පෙරමුණේ සාමාජිකයින් රැසක් මේ අවස්ථාව සඳහා සහභාගී වුහ

එසේම මේ අවස්ථාව සඳහා සහභාගී වෙමින් අවශ්ය වූ වෛද්ය විද්යාත්මක උපදෙස් ලබාදුන් කොළඹ දිස්ත්රික් සෞඛ්ය අධ්යක්ෂක කාර්යාලයේ වෛද්ය නිලධාරීන් ද ගෞරවයෙන් සිහිපත් කරමු.

කොරෝනා රෝගය මර්ධනය කිරීමට දිවා රෑ නිදි නොලබා තම ජීවිත අවධානම පවා නොතකා සේවයේ යෙදෙන සෞඛ්ය අංශ, ආරක්ෂක අංශ, අත්යාවශ්ය සේවාවන්හි නිරත නිලධාරීන් වෙත ශ්රී ලංකා පොදුජන ඉංජිනේරු පෙරමුණ වෙනුවෙන් අපගේ ප්රණාමය පුද කරමු. එමෙන්ම රජය විසින් ලබා දෙන උපදෙස් අනුව කටයුතු කරමින් අවශ්ය සහය සෞඛ්ය අංශ වෙත ලබා දෙන ලෙස සමස්ථ රටවැසියන්ගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමු.

- ශ්රී ලංකා පොදුජන ඉංජිනේරු පෙරමුණු මාධ්ය කමිටුව.

Organization
About UsOur TeamContact Us
Members
Why SLPEF?MembershipJob Bank
Social
FacebookYoutube
The Sri Lanka's most powerful engineers organization for professional engineers.
© All rights reserved. 2020 SLPEF