About usOur TeamGalleryWhy SLPEF?Membership
Job BankNewsContact us

කොවිඩ් -19 ට එරෙහි සටනට තවත් අවියක් පොදුජන ඉංජිනේරු පෙරමුණෙන්

ලොව පුරා දේශසීමා, ආගම්, ජාති, වර්ග ආදී කිසිදු බේදයකින් තොරව පැතිර යන කොවිඩ් - 19 (Covid -19)රෝගයේ බලපෑම මේ වනවිට අප රටටද එල්ල වී තිබේ. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රටේ සෞඛ්ය අංශ, ආරක්ෂක අංශ ප්රමුඛ කොට සමස්ථ රාජ්ය යාන්ත්රණයම රෝග ව්යාප්තිය පාලනයට හා සාමාන්ය ජන ජීවිතය පවත්වගෙන යාමට අත්යාවශ්ය සේවා සම්පාදනයට යොමු කර තිබේ. එවන් මොහොතක ශ්රී ලංකාවේ දේශපාලන පක්ෂයක් සතු ප්රභලතම වෘත්තීය සංවිධානය වන ශ්රී ලංකා පොදුජන ඉංජිනේරු පෙරමුණද තම වෘත්තීමය දැනුම හා පළපුරුද්ද රෝග ව්යාප්තිය පාලනයට එරෙහිව යොදවා තිබේ. එහි එක් පියවරක් ලෙස විෂබීජ හරණ කුටීරයක් සැලසුම් කර නිර්මාණය කිරීමට මීට පෙර කටයුතු කරන ලදී.

එය තවත් ඉදිරියට ගෙන යමින් ස්පර්ශයකින් තොරව ස්වයංක්රීයව දෑත් පිරිසිදු කර ගත හැකි යන්ත්රයක් (Contact free automated sterilizer) නිර්මාණය කිරීමට ශ්රී ලංකා පොදුජන ඉංජිනේරු පෙරමුණේ කොළඹ දිස්ත්රික් කමිටුවේ කොළඹ නැඟෙනහිර අනු කමිටු සංවිධායක ඉංජි. ඩී. එම්.එන්.දිසානායක මහතා කටයුතු කර ඇත. කැකිරාව මධ්ය මහා විද්යාලයෙන් උසස් අධ්යාපනය හදාරා ඇති ඔහු ඉලෙක්ට්රොනික් ඉංජිනේරුවරයකු ලෙස දෙස් විදෙස් අත්දැකීම් රැසක් ඇති අයෙකි.

යන්ත්රය දෙසට තම අත යොමු කල විගස යන්ත්රය ස්වයංක්රීයව ක්රියාත්මක වන අතර විෂබීජනාශක දියරයක් (Sterilizing liquid) අතට විදීම සිදු කෙරේ. අත ඉවතට ගත් විට දියරය විදීම නවතී. ඒ අනුව තත්පර 3,4 ක කාලයක් තුලදී අත මත රැඳී තිබෙන විෂබීජ විනාශ කිරීමට ප්රමාණවත් තරම් විෂබීජ නාශක දියර ස්වයංක්රීයව විදීම සිදුවේ.

එමෙන්ම මේ සඳහා විෂබීජ නාශක දියරය වෙනුවට පාරජම්බූල කිරණ (Ultraviolet ray) යොදාගෙන මුදල් නෝට්ටු, පරිඝණක උපාංග වැනි ද්රව්ය මතුපිට රැඳී තිබෙන විෂබීජ විනාශ කිරීමට හැකි ආකාරයට ද මෙය පහසුවෙන් නිර්මාණය කළ හකි බව දිසානායක මහතා අප සමඟ පැවසීය. මෙම මාදිලි දෙකෙන් ඕනෑම මාදිලියක යන්ත්රයක් රු. 10,000.00-15,000.00 ක් අතර වියදමකින් නිර්මාණය කල හැකි බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසිය.

යන්ත්රය භාවිතා කරන පුද්ගලයාගේ ස්පර්ශයකින් තොරව මෙය ක්රියාත්මක වන බැවින් ප්රධාන ලෙසම ස්පර්ශය මඟින් බෝ වීම සිදුවන කොවිඩ් - 19 වැනි රෝගයක ව්යාප්තිය පාලනයට මෙය ඉතාම සුදුසු යන්ත්රයක් බව ඔහු වැඩිදුරටත් පැවසීය. එමෙන්ම මෙය රෝග ව්යාප්තියේ උච්චතම අවස්ථාවන් වලදී මෙන්ම ව්යාප්තිය පාලන මට්ටමකට අඩු කරගෙන සාමාන්ය ජන ජීවිතය නැවත ආරම්භ කරන අවස්ථාවකටද එකසේ වැදගත් වේ. ජනතාව වැඩි වශයෙන් ගැවසෙන රෝහල්, බැංකු, පොලිස් ස්ථාන, බස් නැවතුම්පොල, දුම්රිය ස්ථාන, රජයේ හා පෞද්ගලික අංශයේ කාර්යාල වැනි ස්ථාන වලට මෙය ඉතා සුදුසු බව නිර්මාණකරු පවසයි.

මෙවන් නවෝත්පාදන කෙරෙහි තම සාමාජිකත්වය නිරන්තරයෙන් උනන්දු කරවන බවත් ඒ තුළින් කොවිඩ් - 19 ට එරෙහි සටනට තම දායකත්වය ලබාදෙන බවත් මේ පිළිබඳව අදහස් දැක්වූ ශ්රි ලංකා පොදුජන ඉංජිනේරු පෙරමුණේ ප්රධාන ලේකම් ඉංජි. (මේජර්) සමන්ත ඉන්දික මහතා අපට පැවසීය.

කොරෝනා රෝගය මර්ධනය කිරීමට දිවා රෑ නිදි නොලබා තම ජීවිත අවධානම පවා නොතකා සේවයේ යෙදෙන සෞඛ්ය අංශ, ආරක්ෂක අංශ, අත්යාවශ්ය සේවාවන්හි නිරත නිලධාරීන් වෙත ශ්රී ලංකා පොදුජන ඉංජිනේරු පෙරමුණ වෙනුවෙන් අපගේ ප්රණාමය පුද කරමු. එමෙන්ම රජය විසින් ලබා දෙන උපදෙස් අනුව කටයුතු කරමින් අවශ්ය සහය සෞඛ්ය අංශ වෙත ලබා දෙන ලෙස සමස්ථ රටවැසියන්ගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමු.ශ්රී ලංකා පොදුජන ඉංජිනේරු පෙරමුණු මාධ්ය කමිටුව.

Organization
About UsOur TeamContact Us
Members
Why SLPEF?MembershipJob Bank
Social
FacebookYoutube
The Sri Lanka's most powerful engineers organization for professional engineers.
© All rights reserved. 2020 SLPEF