About usOur TeamGalleryWhy SLPEF?Membership
Job BankNewsContact us


කුරුණෑගල දියුණුවට- ඉංජිනේරුවන් පෙරමුණට

කුරුණෑගල දිස්ත්රික්කය සංවර්ධනය කිරීම සඳහා ඉදිරියේදී අවධානය යොමු කලයුතු විශේෂ ක්ෂේත්රන් හඳුනාගැනීමට හා ඒ එක් එක් ක්ෂේත්රය සංවර්ධනය සඳහා වූ කෙටි කාලීන, මධ්ය කාලීන හා දිගු කාලීන වැඩපිලිවෙලවල් සකස් කිරීමට ක්රියාකාරී අනුකමිටුවක් පත් කිරීමට පසුගියදා රැස් වූ ශ්රී ලංකා පොදුජන ඉංජිනේරු පෙරමුණේ කුරුණෑගල දිස්ත්රික් කමිටුව තීරණය කර ඇත. 2020 වර්ෂය සඳහා දිස්ත්රික් කමිටුවේ ප්රථම රැස්වීම ජනවාරි මස 05 වන දින කුරුණෑගලදී පැවැත්වූ අතර කමිටු සාමාජිකයන් 10 දෙනෙකු අනුකමිටුවට පත් කරන ලදී.

මහාමාර්ග, අධ්යාපන, වාරිමාර්ග, කෘෂිකර්ම, ප්රවාහන ආදී ප්රදේශයේ දියුණු වියයුතු සෑම ක්ෂේත්රයක්ම පිළිබඳ අවධානය යොමුකර දැනට විවිධ රාජ්ය ආයතන විසින් ඉදිරිපත් කර තිබෙන සංවර්ධන සැලසුම් මෙන්ම දිස්ත්රික් කමිටුවේ සාමාජිකයින්ගෙන් ලැබී තිබෙන යෝජනා සමාලෝචනය කර සංෂිප්ත යෝජනා මාලවක් ඉදිරිපත් කිරීමේ වගකීම මෙම අනුකමිටුවට පවරා තිබේ. ඉදිරි පෙබරවාරි මාසය අවසන් වීමට ප්රථම තම යෝජනා මාලාව ලබාදීමට හැකිබව අනුකමිටු සාමාජිකයින් ප්රකාශ කරන ලදී.

‍

Organization
About UsOur TeamContact Us
Members
Why SLPEF?MembershipJob Bank
Social
FacebookYoutube
The Sri Lanka's most powerful engineers organization for professional engineers.
© All rights reserved. 2020 SLPEF