ලංකාවේ දේශපාලන පක්ෂයක් සතු විශාලතම හා ප්රභලතම වෘත්තීය සංවිධානය වන ශ්රී ලංකා පොදුජන ඉංජිනේරු පෙරමුණේ ත්රිකුණාමල දිස්ත්රික් කමිටුවේ වාර්ෂික මහ සභා රැස්වීම පසුගිය ජනවාරි 22 වන දින ත්රිකුණාමලය, ආනන්දකුලම් ලියනගේ උත්සව ශාලාවේදී පවත්වන ලදී. දිස්තික් කමිටු සභාපති හා පොදුජන ඉංජිනේරු පෙරමුණේ උප සභාපති ඉංජි. ආනන්ද සිල්වා මහතාගේ ප්රධානත්වයෙන් එදින ප.ව. 5.00 ට පමණ ආරම්භ වූ රැස්වීමට 50 කට අධික ඉංජිනේරුවන් පිරිසක් සහභාගී විය. සිංහල, දෙමළ හා මුස්ලිම් යන ලංකාවේ ප්රධානතම ජනවර්ග 3ම නියෝජනය කරමින් මෙම පිරිස පැමිණීම විශේෂ කරුණකි.
කමිටුවේ නිලධාරී මණඩලය තෝරාගැනීමෙන් අනතුරුව නැඟෙනහිර පළාත තුල සිදුවිය යුතු සංවර්ධන ව්යාපෘතීන්, දැනට අතරමඟ නැවතී තිබෙන ව්යාපෘතීන් පිළිබඳ විශේෂ අවධානයක් යොමුකරමින් නැඟෙනහිර පළාත සඳහා ඉදිරි දැක්මක් සකස් කිරීම සඳහා වූ හරවත් කතිකාවක් ඇති විය. විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමා ප්රමුඛ රජය විසින් ගෙනයන වැඩපිළිවෙල ගැන පැහැදී ඒ සඳහා සහයෝගය දීමට කැමැත්තෙන් පැමිණි නව සාමාජික ඉංජිනේරුවරුන් රැසක් මෙහිදි තම අදහස් පල කල අතර ක්රමවත්ව සකස් කල ව්යාපෘති යෝජනා ඉදිරි රැස්වීම් වලදී ලබා දීමට එකඟතාවයන් ඇති විය.